ඇපල් සමාගමේ නවතම රියැලිටි හෙඩ්සෙට් එළිදකියි

258

දශකයකට ආසන්න කාලයකින් පසු ප්‍රථම වරට පැවති උපාංග හඳුන්වාදීමේ ප්‍රධාන වැඩසටහනේදී ඇපල් සමාගම බොහෝ දෙනකු දැඩි උනන්දුවකින් බලා සිටි ඔග්මෙන්ටඩ් රියැලිටි හෙඩ්සෙට් එකක් වන ‘Apple Vision Pro’ එළිදක්වා තිබේ.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් පැවසුවේ, මෙම නව හෙඩ්සෙට් එක “සැබෑ ලෝකය සහ අතථ්‍ය ලෝකය (virtual world) කිසිදු බාධාවකින් තොරව එකිනෙක මුසු කරන” බව ය.

ඔවුන්ගේ නවතම iPhone මෙහෙයුම් පද්ධතිය මෙන් ම MacBook Air සඳහා යාවත්කාලීන කිරීම් (updates) ද නිකුත් කරන බව සමාගම එහිදී නිවේදනය කළේ ය.

මෙම හෙඩ්සෙට් එක පැය දෙකක කාලයක් බැටරි බලයෙන් ක්‍රියාත්මක කළ හැකි අතර, එහි මිල අමෙරිකානු ඩොලර් 3,499 කි (රු. ලක්ෂ 10ක් පමණ). එය ලබන වසරේ මුල දී එක්සත් ජනපදයට නිකුත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment