ස්ත්‍රී කේන්දරයේ විවාහය ගැන දැනගන්නේ කෙසේද?

142

විවාහය බොහෝ ප්‍රමාද වීමට වගකිවයුත්තා සෙනසුරුය. අශුභ තත්ත්වයට පත්වූ සත්වැන්නට සෙනසුරුත් බලපෑම් ඇති කරන විට ද විවාහය බොහෝ ප්‍රමාද වී සිදුවන බව සඳහන් කළ යුතුය.

ලග්නාධිපතිගෙන් හා චන්ද්‍රයාගෙන් වඩා බලවතා සෙනසුරුගේ සංඝයෙහි වෘෂභ රාශිගතව හෝ තුලා රාශිගතව හෝ දුර්වල තත්ත්වයෙන් සිටී නම් ස්ත්‍රියකට විවාහ වනවිට වැඩි සංඛ්‍යාවක් පෙන්නුම් කරනු ලැබේ.

ස්ත්‍රියකගේ විවාහය තීරණය කළ යුත්තේ ලග්නයෙන් සඳුගෙත් රවිගෙත් සහ හත්වැනි රාශියෙහි ස්ත්‍රියකගේ ලිංගික ජීවිතයට අධිපති අඟහරුය. එබැවින් මෙහිදී අඟහරුත් ශාන්තිය සහ ඔහු සිටින ස්ථානය ද සැලකිල්ලට ගතයුතුය.

ශුක්‍ර ග්‍රහයාගේ බලපෑම දෙවැන්නට ද, සතර වැන්නට ද සහ දොළොස් වැන්නට ද මෙන්ම අඟහරු ලැබෙනවිට ස්ත්‍රියකගේ විවාහය අඩු වයසින් සිදුවන අතර ඇයට හිමිවෙන ස්වාමිපුරුෂයා සමෘද්ධිමත් කෙනෙකු වේ.

සත්වැන්නේ ඔබ සිටිනවිට හෝ සත්වැන්නට පාප ග්‍රහ බලපෑමක් එල්ල නොවේ ද විවාහය අඩු වයසින් සිදුවේ. අඟහරු බෙලහීනත්වයෙන් තොරව සිටිය දී බුධ සමග සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ සම්බන්ධ වූ විට ද විවාහය අඩු වයසින් සිදුවනු ඇත.

සත්වැන්නාධිපති මිත්‍ර ග්‍රහයකුත් රාශියගත ශුභතාවයක් ද වෙමින් සිටිය දී මිත්‍ර ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වී හෝ මිත්‍ර ග්‍රහයන් සමග සංයෝගවී හෝ කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණයක හෝ සිටීම ද විවාහය අඩු වයසින් සිදුවේ.

සෙනසුරු රාහු වැනි බලවත් පාප ග්‍රහයන් සත්වැන්නෙහි සිටිනවිට හෝ සත්වැන්නට ඔවුන්ගේ දෘෂ්ටිය පතිත වනවිට ස්ත්‍රියකගේ විවාහය වයස්ගතව සිදුවන බව සඳහන් කළ යුතුය.

එවැනි පාප ග්‍රහයන් අඟහරු සමග එක්වූ විට හෝ අඟහරු දකිනවිට අත්වන ප්‍රතිඵලය ද එයම වේ. සත්වැන්න පාප ග්‍රහයෙකුට අයිති රාශියක්ව තිබිය දී පාප ග්‍රහයෙකු සමග සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් සම්බන්ධවූ විට ද විවාහය ප්‍රමාද වී සිදුවනු ඇත.

විවාහය බොහෝ ප්‍රමාද වීමට වගකිවයුත්තා සෙනසුරුය. අශුභ තත්ත්වයට පත්වූ සත්වැන්නට සෙනසුරුත් බලපෑම් ඇති කරන විට ද විවාහය බොහෝ ප්‍රමාද වී සිදුවන බව සඳහන් කළ යුතුය.

ලග්නාධිපතිගෙන් හා චන්ද්‍රයාගෙන් වඩා බලවතා සෙනසුරුගේ සංඝයෙහි වෘෂභ රාශිගතව හෝ තුලා රාශිගතව හෝ දුර්වල තත්ත්වයෙන් සිටී නම් ස්ත්‍රියකට විවාහ වනවිට වැඩි සංඛ්‍යාවක් පෙන්නුම් කරනු ලැබේ.

පාප ග්‍රහයන් මෙන්ම ශුභ ග්‍රහයන් ද එහිවිට සත්වැන්නට පිවිසිවිට ස්ත්‍රිය කණවැන්දුම් වීමෙන් පසු වෙනත් විවාහයක් සිදුකරගනී.

ලග්නාධිපති හෝ සඳු චර රාශියක එනම් මේෂ කටක, තුලා සහ මකර යන රාශිවලින් එකක සිටිය දී සඳුගෙන් හෝ ලග්නයෙන් කේන්ද්‍ර ස්ථානවල ග්‍රහයෝ සිටිත් නම් එම ස්ත්‍රි විවාහ දෙකක් කර ගන්නා බව සඳහන් කළ යුතුය.

රාහු, සඳු හෝ සිකුරු සමග ලග්නයට හෝ දෙවැන්නට පිවිස සිටිය දී සත්වැන්න බලවත් පාප ග්‍රහයන් විසින් දුර්වල කරනු ලැබ තිබේ නම් ස්වාමිපුරුෂයා හැරගොස් ස්ත්‍රිය වෙනත් විවාහයක් කරගනු ඇත.

සාමාන්‍යයෙන් විවාහය තීරණය කරනු ලබන්නේ බුධගේ ගෝචරයෙනි. සත්වැනි භාවයේ කුමන රාශියක වුවද බුධ ගමන් කරනවිට දී හෝ ජන්ම අවස්ථාවේදී අඟහරු හෝ සත්වැන්නාධිපති සිටි රාශියක බුධ ගමන් කරනවිට ද එසේ නැතහොත් එම ග්‍රහයන්ගෙන් කවරෙකු හෝ බුධට දෘෂ්ටි එල්ල කරයි ද කේන්ද්‍රය හිමි ස්ත්‍රිය විවාහයට ඇතුළත් වේ.

● ජ්‍යොතිෂවේදී සිසිර කුමාරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment