ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් ගැටීමෙන් 13ක් මරුට

142

දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මගීන් 13 දෙනකු මියගොස් තවත් 50 දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පෙරේදා (29) දිනයේ විශාකාපට්නම් නගරයේ සිට පලසා දක්වා ගමන් කරමින් තිබූ මගී දුම්රියක් දුම්රිය සංඥා පද්ධතියේ වරදක් හේතුවෙන් “අලමන්දා හා කණ්ටකපල්ලේ දුම්රිය ස්ථාන අතර නතර කර තිබියදී විසාග් හා රයිගඩ් නගර අතර ධාවනය වූ මගී දුම්රියක් අදාළ දුම්රියෙහි පිටුපස ප්‍රදේශයේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය බලධාරීහු පවසති, මෙම දුම්රිය අනතුර හේතුවෙන් නවතා තිබූ දුම්රියෙහි මැදිරි තුනක් පීළි පැන ඇති බව දුම්රිය බලධාරීන් පවසා තිබේ.

මෙම අනතුර මිනිස් නොසැලකිලිමත්කමකින් සිදු වූවක් බව ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ඉන්දීය දුම්රිය බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබේ. මෙම අනතුරට මාස කිහිපයකට පෙර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදු වූ මේ හා සමාන වූ දුම්රිය අනතුරකින් මගීන් 280ක් පමණ දෙනා මියගොස් තිබිණි. දුම්රිය මැදිරිවල සිර වී සිටින මගින් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් විසින් මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment