හොරෙන් හොරෙන් හිස ඔසවන දරුවන්ගේ මාරයා – MIS-C

357

සෞඛ්‍ය විශේෂඥයන් විසින් අලූත උපන් බිළිඳුන්ට, දරුවන්ට සහ නව යොවුන් වියේ පසුවන්නන්ට හටගන්නා රෝගී තත්ත්වයක් ලෙස ”දරුවන් තුළ ඇතිවන බහු-අවයව ප‍්‍රදාහය” Multisystem Inflammatory Syndrome in Children (MIS-C) නමැති රෝගය මේ වන විට හඳුනාගෙන තිබේ. මහාචාර්ය ඇනා ක‍්‍රිස්ටිනා (Prof’ Anna Christina)  දක්වන පරිදි මෙම රෝගය Pediatric Inflammatory Multisystem Syndrome $ PIM ලෙසද හඳුන්වන බව ඇය විසින් කියා සිටී.

 මේ වන විට ලොව පුරා විවිධ වයස්වල පසුවන දරුවන් මෙම රෝගයෙන් පීඩාවට පත්වී ඇත. ශ‍්‍රී ලංකාවේ රෝහල්වලින් MIS-C රෝගී දරුවන් 100ක් පමණ වාර්තා වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලීන් ගමඇතිගේ මහතා ප‍්‍රකාශ කර සිටින ඇත. කෙසේ වෙතත් මෙම රෝගය සම්බන්ධයෙන්

 ශ‍්‍රී ලංකාව තුළ මේ වන විටත් නිල දත්ත වාර්තා වී නොමැති අතර මෙම රෝගය ප‍්‍රථමයෙන් 2020 අපේ‍්‍රල් මස එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ළමා රෝග පිළිබඳ වෛද්‍යවරුන් විසින් ලොවට හෙළිදරව් කර ඇත.

 වෛද්‍ය විශේෂඥයින්ට අනුව, MIS-C යනු හෘදය, පෙනහලූ, වකුගඩු, මොළය, සම, ඇස් හෝ ආමාශ වැනි ඉන්ද්‍රියන් වල සංකුලතා ඇති වී එම ඉන්ද්‍රියන් ක‍්‍රියා විරහිත වීමට පවා හේතු විය හැකි බරපතළ රෝගී තත්වයක් බවට සැලකේ. මෙම රෝගය විවිධ හේතුන් නිසා දරුවන් තුළ ඇතිවිය හැකි නමුත් කෝවිඞ් ආසාදනයවීම මෙම රෝගය ඇතිවීමට ඍජු හේතුවක් විය හැකි බවට අනුමාන කළ හැකි සාධනීය ලක්ෂණ ඇති නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ගෙනහැර දැක්වීම් වලට අනුව කොවිඞ් ආසාදිත වූ ළමුන් සහ නව යොවුන් දරුවන් තුළ MIS-C දක්නට ලැබෙන නමුත් කොවිඞ් ආසාදනය සහ MIS-C අතර ඍජු සම්බන්ධයක් පිළිගන්නා බවක් නොදක්වන අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු රස්කර ගනිමින් සිටින බව දැක්වා ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විද්‍යාලය (sri Lanka College of Pediatricians)  දක්වා සිටින්නේ මෙම රෝගය කොවිඞ් වැළඳුන අයට පමණක් නොව නොවැළඳුන ළමුන් තුළත් වර්ධනය වීමේ ප‍්‍රවණතාවයක් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

හොරෙන් හොරෙන් හිස ඔසවන දරුවන්ගේ මාරයා - MIS-C


ශ‍්‍රී ලංකාවේ මේ රෝග තත්ත්වයට ගොදුරුවන දරුවන්ගෙන් 80% – 90%ත් අතර ප‍්‍රමාණයක් තුළ වමනය, පාචනය සහ බඬේ අමාරුව වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව විශේෂඥ වෛද්‍ය නලීන් ගමඇතිගේ මහතා පැවසීයි.

 ”? සමහර දරුවන් පැමිණියා, වෙනත් කිසිම රෝග ලක්ෂණක් නැති නමුත් ඇස් පමණක් රතු වී තිබුණු දරුවන්. හැබැයි මේ හැම දරුවෙක්ටම වගේ දැඩි මහන්සියක්, අප‍්‍රාණික බවක් තිබෙන බව නිරීක්ෂණය වුණා. මෙතන භයානකම තත්ත්වය තමයි සමහර දරුවන්ගේ රුධිර පීඩනය අඩු වීම. රුධිර පීඩනය අඩුවීම නිසා දරුවා කම්පන තත්වයකට පවා පත්වෙන්න පුළුවන්. කොහොම වුණත් රෝගය මුල් අවස්ථාවේ දී

 හඳුනාගැනීම තුළින් ඉක්මන් ප‍්‍රතිකාර ලබා දීල අනතුරුදායක තත්වයකට පත්වෙන එක වළක්වාගන්න පුළුවන්, කොවිඞ් වැළදුනත් නැතත් මේ කාලයේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි අවධානයෙන් පසුවීම ඉතාමත් වැදගත් ” යනුවෙන් විශේෂඥ වෛද්‍ය නලීන් ගමඇතිගේ මහතා තවදුරටත් කරුණු දක්වා ඇත.

 මේ අතර කොරෝනා වෛරසය ආසාදනයට සම්බන්ධ යැයි සැලකිය හැකි දුර්ලභ නමුත් භයානක රෝග ලක්ෂණ කීපයක් දරුවන් අතර නිරීක්ෂණය වී ඇති අතර, මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවා (National Health Service) විසින් එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ට අනතුරු අඟවා තිබේ.

 ඉන්දියාවේ ලක්නව් නගරයේ පිහිටා තිබෙන කින්ග් ජෝර්ජ් වෛද්‍ය විශ්වවිද්‍යාලයට (King Georgezs Medical University)  ඉන්දියාව පුරා සිටින MIS-C රෝගීන් වාර්තා වී ඇතී අතර එහි වෛද්‍ය අධිකාරී මහාචාර්ය ඞී හිමාංශු (Prof D’ Himanshu) දක්වන්නේ මෙම රෝගයට නිශ්චිත හේතුව තවමත් නොදන්නා නමුත් මූලික සොයා ගැනීම්වලින් පෙනෙන්නේ ප‍්‍රතිශක්ති පද්ධතිය ගිලිහී ගොස් සෞඛ්‍ය සම්පන්න ෙසෙලවලට හානිවීමට පටන් ගත් විට මෙම රෝගය ඇතිවන බවයි.

 කැලිෆෝනියාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (California Public Health Department)  විසින් MIS-C රෝගීන් 629 ක් වාර්තා වී ඇති බව සදහන් කරන අතර MIS-C ඇති ළමුන්ගෙන් අඩක් පමණ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවට දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇත.

 ඔබේ දරුවා රෝගී තත්වයක් පෙන්නුම් කරන්නේ නම්, විශේෂයෙන් පහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගන්නා ලෙස එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවා (NH) තවදුරටත් කරුණු දක්වයි:

 සුදුමැලි වීම

 අසාමාන්‍ය ලෙස සීතල වීම

 හුස්ම ගැනීමේ අපහසුතා

 තොල් වටා නිල් පැහැවීම

 සිහිමූර්ඡුා වීම

 මානසික ව්‍යාකූල බව

 ඉතා උදාසීන වීම

 කුෂ්ඨ ඇතිවීම

 වෘෂණ කෝෂවල වේදනාව

 මීට අමතරව ඇමරිකාවේ පිහිටි රෝග පාලනය කිරීමේ හා මැඩපැවැත්වීමේ මධ්‍යස්ථානය (Center for Disease Control and Prevention)  මීට අමතරව තවත් MIS-C රෝග ලක්ෂණ ගණනාවක් ඉදිරිපත් කර ඇත.

 පපුවේ වේදනාවක් හෝ තෙරපීමක්

 අවධි වීමට හෝ අවධියෙන් සිටීමට ඇති අපහසුතාවය

 සම, තොල් හෝ නිය සුදුමෑලි වීම, අළු හෝ නිල් පැහැයක් ගැනීම

 මෙම රෝගය වයස අවුරුදු 21 ට අඩු දරුවන්ට ඇතිවිය හැකි බවට ඇතැම් සෞඛ්‍ය විශෙෂඥයින් කරුණු දක්වා සිටින හෙයින් අවුරුදු 21ට අඩු දරුවන්ගේ හැසිරීම හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලකින් පසුවෙමින් දරුවාට ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්වනවා දැයි නිරීක්ෂණාත්මකව සිටීම දෙමව්පියන් විසින් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වගකීමක් වේ.

 කොරෝනා ආසාදනය වූ දරුවන්ට පළමු සති 8 ඇතුළත MIS-C ඇතිවීමේ වැඩි ප‍්‍රවණතාවයක් පෙන්නුම් කරන හෙයින් එම දරුවන් කෙරෙහි දෙමව්පියන් විශේෂ සැලකිල්ලකින් පසුවිය යුතු අතර ඇතැම් ළමුන් තුළ ඇති කොවිඞ් ආසාදනය ශරීරයෙන් බැහැරකිරීමේ හැකියාව හා කොවිඞ් රෝග ලක්ෂණ මතු නොවීම යන කරණා මත ඇතැම් දරුවන්ට කොවිඞ් ආසාදනය වී තිබුණි දැයි දෙමාපියන් පවා නොදන්නා අවස්ථා සැලකිය යුතු ප‍්‍රමාණයක් වාර්තා වී ඇත, එබැවින් දරුවා තුළ පෙන්නුම් කරන රෝග ලක්ෂණ, කොවිඞ්වලින් පසු ඇතිවන MIS-C රෝග ලක්ෂණයක්ද නැතහොත් වෙනත් සාමාන්‍ය රෝග ලක්ෂණයක්ද යන්න වෙන්කර හඳුනාගැනීම වෛද්‍යවරයෙකු නොවන්නෙකුට අපහසු කාරණාවක් වේ. එබැවින් ඉහත රෝග ලක්ෂණ දරුවා තුළ පෙන්වන බවට හැඟීගියහොත් අත්බෙහෙත් ප‍්‍රතිකාර උත්සාහ කරනවා වෙනුවට වහාම වෛද්‍යවරයෙක් කරා දරුවා යොමු කිරීමෙන් MIS-C රෝගය උත්සන්න වීමෙන් ඇතිවිය හැකි භයානක විපාකවලින් දරුවා ආරක්ෂා කරගත හැකි වේ.

හොරෙන් හොරෙන් හිස ඔසවන දරුවන්ගේ මාරයා - MIS-C

ආචාර්ය  ඩබ්ලිව්. කේ.කොළඹගේ
 අධ්‍යක්ෂ-ජාතික භාෂා අධ්‍යාපන හා
 පුහුණු ආයතනය

advertistmentadvertistment
advertistmentadvertistment