ඩීසල් හිගය මේ සතියෙන් ඉවරයි – බලශක්ති ලේකම්

155

රට තුළ පවතින ඞීසල් හිඟය මේ සතිය අවසන් වීමට පෙර විසඳෙනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඞී. ආර්. ඔල්ගා මහත්මිය ‘දිවයින’ ට ඊයේ (06 දා) පැවසුවාය.

ඊයේ සවස් වන විට ගොඩබෑමට නියමිතව තිබූ ඞීසල් තොගය සමඟ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 60,000 ක පමණ සංචිතයක් ඛනිජ තෙල් සංස්ථාව තුළ පවතින බවත්, තවත් මෙටි‍්‍රක් ටොන් 54,000 ක ඞීසල් තොග රැුගත් නැව් දෙකක් මාර්තු 08 හා 10 යන දිනවල රටට පැමිණෙන බවත් ඇය කීවාය.

ඊයේ ගොඩබෑමට නියමිත ඞීසල් නැවේ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 27,300 ට අමතරව ගුවන් යානා ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 900 ක් ද මාර්තු 08 සහ 10 දිනවල පැමිණෙන නැව් දෙකේ ගුවන් යානා ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 20,000 ක් සහ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 50,000 ක් තිබෙන බවත් පැවසූ ලේකම්වරිය විදුලිබල මණ්ඩලය සඳහා ඞීසල් මෙටි‍්‍රක් ටොන් 8000 ක් ලබාදුන් බව ද කියා සිටියාය.

රටට අවශ්‍ය ඞීසල් සීමාවකින්න තොරව පිරවුම්හල් වෙත ලබාදීමට සංස්ථාව කටයුතු කරන නිසා මේ සතිය අවසන් වීමට පෙර ඉන්ධන අර්බුදය විසඳෙනු ඇතැයි සංස්ථාව අපේක්‍ෂා කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment