මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන්ට ඇප

777


ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් රුපියල් කෝටියක ශරීර ඇප සහ රුපියල් දෙලක්‍ෂ පනස්දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට අද කොළඹ අලුත්කඩේ’ අංක 4 සහ 6 යන මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය.
දරුණු ගනයේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා සිටි බූස්ස බන්ධනාගාරයේ සිට රැගෙන විත් මාලිගාවත්ත පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කර තිබූ නඩු දෙකකට අදාළව ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළේය.
මාලිගාවත්ත පොලිසිය මගින් ගොනුකර තිබූ නඩුවට අදාළව රුපියල් විසිපන්ලක්‍ෂය බැගින්වූ ශරීර ඇපදෙකක් සහ රුපියල් දෙලක්‍ෂ පනස්දහසක මුදල් ඇපය නියම කෙරුණි. කොළඹ අපරාධ කොට්ටාසය ගොනු කර තිබූ නඩුවට අදාළව රුපියල් ලක්‍ෂ පනහක ශරීර ඇපයක් නියම විය.
එයට අමතරව සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද පැනවූ අධිකරණ සෑම ඉරුදිනකම මාලිගාවත්ත පොලිසියේ පෙනී සිටින ලෙස කොන්දේසියක්ද පනවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment