කුඩු ජාවාරම් කළැයි කිරිමැටියාවේ අයෙක්  ගම්මුන්ගෙන් පහර කා මරුට

520

වැවගම, ගල්ගම්මුල්ල ප්‍රදේශයේදී පහරදීමට ලක්වූ අයකු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව  මියගොස් ඇති බව කුලියාපිටිය පොලිසිය පැවසීය.

ගල්ගම්මුල්ල ප්‍රදේශයේ පිරිසක් පිටස්තර පුද්ගලයන් දෙදෙනකුට කළ පහරදීම හේතුවෙන් පහරකෑ එක් අයකු එසේ ජීවිතක්‍ෂයට පත්ව තිබූ අතර සෙසු පුද්ගලයා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් නීති විරෝධි ලෙස පැනගොස් ගංජා අලෙවි කරමින් සිටියදී

ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කීය. හිඳගොල්ල, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 35 හැවිරිදි රන්හොටී පේඩිදුරයලාගේ ජයලත් ප්‍රේමතිලක නමැත්තෙකු පහරකෑම හේතුවෙන් එලෙසින් රෝහලේදී මරුමුවට පත්ව තිබිණ.

මරණකරු සහ ඔහුගේ මිතුරා පිට පළාත්වල සිට  ගල්ගම්මුල්ල ප්‍රදේශයට ගොස් කාලය කාදමමින් සිටින බවත්, ඔවුන් මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් විය යුතු බවට කලක පටන් ප්‍රදේශවාසීන් විමසිලිමත්ව සිට ඇති බවත් එහිදී පැවසූ පොලිසිය ඉකුත් 6 වැනිදා ප්‍රදේශවාසීන් ඔවුන් සිය ග්‍රහණයට ගෙන ගමට පැමිණෙන හේතුව ප්‍රශ්න කිරීමේදී ඇතිව තිබූ තත්ත්වයක් හේතුවෙන් එසේ අදාළ පිටස්තර පුද්ගලයින් දෙදෙනාට ගම්මුන් විසින් පහරදී තිබූ බවද මූලික පරීක්‍ෂණවලදී හෙළිව තිබිණ.

කුලියාපිටිය මූලස්ථාන ප්‍ර.පො.ප. ජයවීර රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප. සුදේෂ් අමරසිංහ, සරත්, පො.සැ. වරුන් වූ රංජිත් (45417), නාලක (50793), ප්‍රේමරත්න (31201), මධුරංග (61145) හපුආරච්චි (79709), සමීර (85219), කා.පො.කො. අනුරාධා (9172) යන නිලධාරීන් පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ මෙහෙයවති.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment