HNB General Insurance සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවය හරහා රක්ෂණාවරණ සඳහා පොලී රහිත පහසු ගෙවීමේ සැලසුම්

33

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB General Insurance (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වාසි රැසක් හඳුන්වාදීමට කටයුතු කළේය.

ඒ අනුව HNB General Insurance (HNBGI) වෙතින් මෝටර් සහ මෝටර් නොවන රක්ෂණාවරණ ලබාගන්නා සම්පත් කාඩ්පත්හිමියන් හට සිය කාඩ්පත් හරහා පොලී රහිතව (0%) මාස 12 ක කාලයකින් සිය රක්ෂණාවරණ ගෙවීම සිදුකිරීමට හැකි පහසු ගෙවීමේ සැලසුම් හිමිවනු ඇත. HNB General Insurance සිය මව් සමූහයෙන් පිටත බැංකුවක් සමඟ සන්ධානගත වෙමින් ශ්‍රී ලංකාව පුරා වැඩි පාරිභෝගික පිරිසක් කරා ළඟා වීමට ගත් මෙම පියවර සුවිශේෂී පියවරක් වශයෙන් හැඳින්විය හැකිය.

HNB General Insurance වෙතින් පිරිනැමෙන මෙම විශේෂ පහසුකම ලබාගන්නා සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට පොලී රහිතව තමන්ට පහසු ආකාරයට ගෙවීම් සිදු කිරීමට අවස්ථාව හිමිවන විවිධ රක්ෂණාවරණ අතරට මෝටර් රථ රක්ෂණාවරණ මෙන්ම නිවාස, සංචාර, වෛද්‍ය සහ අනෙකුත් සියලු‍ම රක්ෂණාවරණ ප්‍රතිපත්ති අයත් වන අතර මේ හරහා වඩා වැඩි පිරිසකට රක්ෂණවරණයක ආරක්ෂාව ලබා දීමට හැකිවනු ඇති බවට HNB General Insurance සමාගම විශ්වාසය පළ කරයි.

සම්පත් බැංකු කාඩ්පත් මධ්‍යස්ථානයේ සහකාර සාමාන්‍යාධිකාරී ශිරාන් කොස්සින්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපි නිරන්තරයෙන්ම අපේ කාඩ්පත්හිමියන් හට හොඳම ගනුදෙනු ලබාදීමට වෙහෙස වෙනවා. HNB General Insurance සමඟ ඇති කරගත් නව සබඳතාවයත් ඒ ආකාරයේ හොඳම රක්ෂණාවරණ ගනුදෙනුවක් සම්පත් කාඩ්පත්හිමියන් හට ලබා දෙන සුවිශේෂී සබඳතාවයක්. ඒ හරහා සම්පත් කාඩ්පත්හිමියන් සහ ඉතා පහසුවෙන් සහ අවම වියදමකින් තමන්ගේ රක්ෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අවස්ථාව හිමි වී තිබෙනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment