තෙනුර ලක්සෙන් ලක්මව දිනවා පැමිණෙයි

70

දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වරට නියෝජනය කළ තෙනුර ලක්සෙන් එහි කනිෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතියේ රිදී පදක්කම දිනාගෙන පෙරේදා (12 වැනිදා) රාත්‍රී දිවයිනට පැමිණියේය. මෙම තරගාවලිය දකුණු කොරියාවේ වොන්ජු නගරයේ ඉකුත් 06 දින සිට 12 දින දක්වා ලෝකයේ රටවල් 60 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කගේ පමණ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

ඔහු පිළිගැනීම සඳහා ඔහුගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් සහ කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment