ලබන මාසයේ පාසල් අරිනවා – අධ්‍යාපන ලේකම්

465

ගුරුවරුන්ට ලබාදෙන එන්නත්කරණය සාර්ථකයි. කොහොමත් ලබන අගෝස්තු මාසයේ පාසල් විවෘත කරන්න පුළුවන්. ඒ ගැන අධ්‍යාපන ඇමතිතුමා ඉදිරියේදී ප‍්‍රකාශයක් කරාවි. යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (18 වැනිදා) පැවැසීය.

දැනටමත් කොළඹ දිස්ත‍්‍රික්කයේ ගුරුවරුන් සියයට අනූනවයකටත්, කළුතර දිස්ත‍්‍රික්කයේ ගුරුවරුන් සියයට අනූනවයකටත් කොවිඞ් එන්නත ලබාදී ඇතැයිද හෙතෙම කීය.

තවදුරටත් කතාකළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙසේද කියා සිටියේය.

ගුරුවරුන් එන්නත්කරණය සාර්ථකව සිදුකරගෙන යනවා. මේ මාසේ 22 වැනිදා වෙනකොට රටේම ගුරුවරුන්ට කොවිඞ් එන්නත් ලබාදී අවසන් කරනවා.

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වෙලා වර්ජනය කරනවා. මෙය දරුවන් ගැන මානුෂීයව සිතිය යුතු වෙලාවක්. ගුරු – විදුහල්පති වැටුපට සාධාරණය ඉටුවෙනවා. ජනාධිපතිතුමා මේ සම්බන්ධව පෞද්ගලිකවම සොයා බැලීමක් කරලයි තියෙන්නේ.

දරුවන් ගැන හිතලා ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වල නිරතවෙන්න කියලා සියලූම ගුරු මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment