රජය හා ගුරු සංගම් සාකච්ඡා බිඳ වැටේ

405

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබාගැනීම සඳහා ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ (27දා* අරලියගහ මන්දිරයේදී පැවැති ා විසඳුමකින් තොරව අවසන් වූ බව ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසීය.
 
 මෙම සාකච්ඡාව දහවල් 12.00 පමණ සිට සවස 2.00 දක්වා පැවැති බවත්, එහිදීද තම ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුමක් නොලැබීම නිසා ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත්වීමේ වෘත්තීය අරගලය අඛණ්ඩව ඉදිරියටත් කි‍්‍රයාත්මක බවත් ජයසිංහ මහතා කීය. ඊයේ (27 දා* වනවිට ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වී දින 16 ක් ගතවී තිබිණි.
 
 අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස් මහතා විසින් පෙරේදා (26දා* කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති විමසීම් කළත් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බවද ජයසිංහ මහතා කීය. මේ අවස්ථාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජයට මුදල් නොමැති බව ප‍්‍රකාශ කර නව කැබිනට් පත‍්‍රිකාවක් ලබන සඳුදා (02දා* කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අගමැතිවරයා ප‍්‍රකාශ කළ බවද ජයසිංහ මහතා පැවැසීය.
 
 එමෙන්ම වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කර තිබෙන බව ප‍්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් වැඩි යමක් එම පාර්ශවයෙන් ප‍්‍රකාශ නොවූ බවද ජයසිංහ මහතා කීය. අවම වශයෙන් මීළඟ අයවැයේදී හෝ තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබාදීමක් ගැනවත් සාකච්ඡුා නොවූ බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.
 
 මෙම සාකච්ඡුාව සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමඟ ඇමැතිවරුන් වන විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සමඟ වෘත්තීය සමිති නියෝජනය කරමින් ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් සහ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයෝ කිහිපදෙනෙක් එක්ව සිටියහ.
 
– චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment