පළාත් 4 කට ගාල්ල – මාතරට ඉදිරි දිනවලත් තද වැසි

76

තවත් ප්‍රදේශවලට  දැඩි සුළං

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති මිලි මීටර් 100 ක පමණ තද වැසි ඉදිරි දින කිහිපයේදීත් පැවැතිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා නිර්මාණය වෙමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

උතුරු පළාතෙත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේත් බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 40-50 පමණ තද සුළං හැමිය හැකි බවද ඒ මහතා කීය.

පෙරේදා (15 දා) දිනයේදීත් වර්ෂාපතනයේ අඩුවීමක් පැවැති බවත් ඒ අනුව වැඩිම වර්ෂාපතනය ලෙස මිලි මීටර් 69.5 ක් මස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බවත් ප්‍රනාන්දු මහතා කීය.

පැවැති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල පවුල් 1820 කට අයත් පුද්ගලයන් 7327 ක් පීඩාවට පත්ව ඇතැයි වාර්තාවී තිබුණි. පුද්ගලයකු තුවාල ලබා නිවාස 203 කට අර්ධහානි සිදුවී ඇත.

පීඩාවට පත් පවුල් 52 කට අයත් පුද්ගලයන් 209 ක් ආරක්‍ෂිත ස්ථාන 08 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. පසුගිය දිනවල පැවැති වර්ෂාපතනය හේතුවෙන් කළු, ගිං, නිල්වලා, කැලණි ගංගාවල ජල මට්ටම්වල ඉහළ යෑමක් වාර්තා වුවත් ඊයේ (16 දා) සහ පෙරේදා (15 දා) සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා එම ගංඟාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පැවැති බවද කොඩිප්පිලි මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment