තංගල්ලේ ඩී. ඒ. රාජපක්‍ෂ පිළිරුව කඩා බිම දමයි

353

තංගල්ල නගරයට ඊයේ (10 දා) සවස එක්වූ විරෝධතාකරුවන් පිරිසක් තංගල්ල නගරයේ පිහිටි ඩී. ඒ. රාජපක්‍ෂ පිළිරුවට ද හානි සිදුකර ඇත.

තංගල්ල මහවෙල පාරේ කාල්ටන් නිවසට යාබදව ස්ථාපිත කර තිබූ ඩී. ඒ. රාජපක්‍ෂ පිළිරුව විරෝධතාකරුවන් පිරිසක් විසින් මෙලෙස කඩා බිඳ දමා තිබේ. ඊට අමතරව රාජපක්‍ෂවරුන්ට අයත් බව කියන තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ගිනි තබා විනාශ කර තිබේ.

තංගල්ල නගරයේ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට මේ වන විට පොලිසිය කටයුතු කරමින් ඇති අතර තවමත් තැනින් තැන විවිධ සිදුවීම් වාර්තා වෙමින් තිබේ.

මත්තල- දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment