චීන ගුවන් යානා සහ නාවික යාත්‍රා තායිවානය නිරීක්ෂණ වැඩි කරයි

235

තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයට අනුව අප්‍රේල් මාසය මුල් සතියේ දී තායිවාන ගුවන් සහ මුහුදු කලාප සම්බන්ධයෙන් චීන හමුදා ගුවන් යානා 20 ක් සහ නාවික යාත්‍රා 02ක් නිරීක්ෂණය කර ඇත. මෙම නිරීක්ෂණ කටයුතු සිදුකර ඇත්තේ පෙරවරු 6.00ට පමණය. ඇමෙරිකානු ධවල මන්දිර කථානායක නැන්සි පිලෝසි 2022 වසරේ අගෝස්තු මාසයේදී තායිවානයේ සංචාරයක නිරත වීමත් සමග චීනය තායිවාන මුහුදු සීමාවේ සිදුකරන හමුදා අභ්‍යාස ද වැඩි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මාර්තු මාසයේ දී බීජිං සිට තායිවානය වෙත හමුදා ගුවන් යානා 292ක් නාවික යාත්‍රා 76ක් යවා ඇත. එසේම චීනය 2020 වසරේ සිට උපායමාර්ගික අලු කලාපය භාවිතා කරමින් තායිවානයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ කලාපය වෙත ගුවන් යානා එවීමද වැඩිකර ඇතැයි තායිවාන මාධ්‍ය වාර්තා කරයි.තායිවානය ද ගුවන් යානා, නාවික යාත්‍රා සහ ගොඩ බිම ස්ථාන ගත කර ඇති මිසයිල යොදාගෙන චීන ගුවන් යානා සහ නාවික යාත්‍රා නිරීක්ෂණය කර තිබේ. චීන හමුදා ගුවන් යානා 20ක් තායිවානයේ ආරක්ෂක හදුනාගැනීමේ ගුවන් කලාපය නිරීක්ෂණය කර ඇතැයි ද තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් චීන හමූදා ගුවන් යානා තායිවාන මධ්‍ය රේඛාව හරහා ගමන් කර නැත.තායිවාන මාධ්‍ය වාර්තා අනුව තායිවානයේ නිරිතදිග කලාපයේ හදුනාගත් ප්‍රදේශ ද චීන සබ්මැරීන් යාත්‍රා සහ සබ්මැරීන් ගුවන් යානා නාශක මිසයිල සහිත හෙලිකොප්ටර් යොදාගෙන මෙම නිරීක්ෂණ කටයුතු සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment