මහ බැංකුව, රාජ්‍ය බැංකු භාණ්ඩාගාරය ඇතුළු ආයතන 57 ක් අගමැතිට ජනපති යටතට ආයතන 42 ක්

415

අමාත්‍යාංශ යටතට පත් කළ විෂය පථ ඇතුළත් ගැසට්ටුව එයි

වත්මන් ආණ්ඩුවේ ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍යාංශ වෙත පැවරී ඇති විෂය පථයන්ට අදාළ විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා වෙත ආරක්‍ෂක අමාත්‍යාංශය ද ඇතුළුව ඇති ආයතන ගණන 42 කි. 04 – පිටුවට

කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකා ටෙලිකොම්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, කාලගුණ විiා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් ජනාධිපතිවරයා වෙත පැවරී ඇත.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති රාජ්‍ය ආයතන ගණන 57 කි. මහ බැංකුව, සියලුම බැංකු, මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල ඇතුළු ආයතන අගමැතිවරයා වෙත පවරා තිබේ.

ඊට අමතරව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ආයතන 6 ක් ද, විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස් මහතා වෙත ආයතන 04ක් ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ආයතන 15 ක් ද වෙන්කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ආයතන 36ක්, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතට ආයතන 11ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ආයතන 27ක් වෙන්කර තිබේ.

සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා යටතට පවරා ඇති ආයතන ගණන 12කි. මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා යටතට ශ්‍රී ලංකා පොලිසිය හා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පවරා තිබේ.

මේ අතර අමාත්‍යවරයකුට නිශ්චිතව පවරනු නොලැබූ සියලුම විෂයන් හා රාජ්‍ය ආයතන ජනාධිපතිවරයා යටතේ තබා ගැනෙන බවද එම ගැසට් පත්‍රය මගින් නිවේදනය කර ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment