ගිං ගග සහ අවට කිඹුල් බියක් – අවදානමට වගකිව යුත්තන්ගේ අවධානයක් නැතිලු

46

තම නිවසේ ඇති කරන සුනඛයකු නෑවීම සඳහා ගිං ගඟට රැගෙන ගිය පුද්ගලයකු ගිං ගඟේ සැරිසරන කිඹුලකු විසින් සපා කා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. නාගොඩ, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබේ.

මෙම කිඹුලා විසින් මීට පෙරද ජනතාව සහ ගඟට බසින සතුන් සපා කා තිබේ. උඩුගම සිට බද්දේගම දක්වා ගිං ගඟේ කිඹුලන් සිටින බව ප්‍රදේශවාසී ජනතාව පවසති. එම කිඹුලන් රාත්‍රී කාලයේ නිවාස අසලට පැමිණ නිවාසවල ඇති කරන සතුන් ඩැහැ ගන්නා බවට ජනතාව මැසිවිලි නඟති.

එය නිවාසවල සිටින වැසියන්ට ද ජීවිත අවදානමකි. මෙම කිඹුලන් පිළිබඳ මීට පෙර ද අනාවරණය කළත් වගකිවයුතු අංශවල අවධානය යොමු නොවීම කනගාටුවට කරුණකි.
බද්දේගම – ඕෂධ කමලනාථ

advertistmentadvertistment
advertistmentadvertistment