තහනම් ගහ මිනී මරයි

337


අනියම් බිරිඳක් සමග එකම නිවසක පවුල් කෑ මිතුරන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලකින් පසු තියුණු ආයුධයකින් මිතුරා ගේ’ ගෙළ කපා ඝාතනය කල අනෙක් සැකකාර මිතුරාව අද (03) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
42 හැවිරිදි වියේ පසුවන’ මරණකරු සහ’ සැකකරු නීත්‍යනුකූල බිරිඳගෙන් වෙන්ව ජීවත්ව සිට ඇති බවත් අනියම් බිරිඳ ද නිත්‍යානුකුල සැමියාගෙන් වෙන්ව ජීවත්ව ඇති බවත්’ පොලිසිය කීය.
මිනුවන්ගොඩ, පොල්වත්තල’ මැල්ලගොඩැල්ල’ ප්‍රදේශයේ පිහිටි’ නිවසක් ඉදිරිපිට දී ඊයේ (02 වෙනිදා) පස්වරුවේ දි’ මෙසේ ඝාතනයට ලක් වු නිල්පනාගොඩ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන’ රාජපක්ෂ ආරච්චිගේ විජේසිරි නැමැත්තා අනියම් බිරිඳ සමග වසරක පමණ කාලයක් සැකකරුගේ නිවසේ පදිංචිව සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මරණකරුගේ අනියම් බිරිඳ සමග සැකකරුද අනියම්’ සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් මිතුරන්’ දෙදෙනා අතර නිවස තුළ නිතර නිතර’ ආරවුල් ඇති වී ඇති බවට ද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මරණකරු සහ සැකකරු ගස් කැපීම ඇතුළු කුලී වැඩ සිදු කරන අයවලුන් බවද ඝාතනය සිදුවන අවස්ථාවේ කාන්තාව නිවසේ නොසිට ඇති බව පොලිසිය කියයි.
මිය ගිය අයගේ’ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ රාත්‍රියේ දී මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා විසින් පවත්වනු ලැබීය.
නිවස ඉදිරිපිට තිබූ මළ සිරුර නිරීක්ෂණය කර ස්ථාන පරීක්ෂණය සිදුකළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මළ සිරුර ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයට’ රැගෙන යන ලෙසට මිනුවන්ගොඩ’ පොලිසියට නියම කළේය.

එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ’ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත නියම කළ වැඩබලන මහෙස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා එම මරණයට හේතුව මැයි මස 03 වෙනිදාට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියම කලේය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව’ මළ සිරුර ළඟම ඥාතීන්ට භාර දෙන ලෙසට රෝහල් බලධාරීන්ට අධිකරණයෙන් නියම කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment