තිරසර බව සමඟ Cinnamon Hotels Resorts පුරෝගාමී මෙහෙවරක

43

එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් නව නිපැයුම් වැඩි වශයෙන් දායක වන මෙවන් යුගයක, ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී, අඛණ්ඩව දෙවන වරටත් Cinnamon Hotels & Resortsතිරසර වාර්තාකරණය සඳහා වූ සම්මානය දිනා ගන්නා ලදී.

මෙය අපගේ ආගන්තුක සත්කාරයෙහි තිරසර බව සම්බන්ධයෙන් අපේ සුවිශේෂී බව නැවත වරක් තහවුරු කිරීමකි. එමෙන්ම, එය අපේ සාර්ථකත්වය වෙනුවෙන් ලැබුණු වටිනා ඇගයීමක් මෙන්ම වඩාත් තිරසර අනාගතයක් වෙනුවෙන් අපේ කැපවීමට දිය හැකි සාක්ෂියක්ද වේ.

2022/23 මුදල් වර්ෂය සඳහා අපගේ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) වාර්තාව දත්ත සමූහයක් පමණක් නොවේ, එය තිරසාරත්වය කරා යන අපගේ ගමන පිළිබඳ පැහැදිලි සටහනකි. එපමණක් නොව, පරිසරය සුරැකීම සම්බන්ධයෙන් අපේ දායකත්වය, වෙනස් හැකියාවන් ඇති පුද්ගලයින්ගේ දායකත්වය සහ ආයතනයේ සෑම මට්ටමකම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම සඳහා අප ගත් උත්සාහයන්ද ඒ තුළ ඇතුළත් වේ.

අපගේ වාර්තාවේ ප්‍රධාන ලක්ෂණය වන්නේ විනිවිදභාවයයි. නිවැරදි වාර්තාකරණ ක්‍රම යොදා ගනිමින් සහ බාහිර පිරිස්වල තහවුරු කිරීම් හරහාද, අපගේ තොරතුරු නිවැරදි සහ විශ්වසනීයත්වයෙන් යුතු බවට සහතික කර ඇති අතර, මෙම තොරතුරු සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව ද සලසාදී ඇත. විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණයක් සඳහා අප ගත් උත්සාහය, ජනතාව තුළ විශ්වාසය ඇති කිරීමටත්, ඒ පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කිරීමටත්, විවිධ පිරිස් සමඟ අපගේ සබඳතා ඇති කරගැනීමටත් හේතුවක් ලෙස අපි දකින්නෙමු.

Cinnamon Hotels & Resorts වෙනුවෙන් සම්මානය බාර ගත් ජෝන් කීල්ස් සමූහයේ Leisure අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි – චංග ගුණවර්ධන තත්ත්ව සහතිකරණය, තිරසර බව, සෞඛ්‍යය, ආරක්ෂාව සහ දත්ත සුරක්ෂිතතාව පිළිබඳ සමාගම් උප සභාපති – ශානේස් විජේසිංහ සහ Cinnamon Hotels & Resorts උප සභාපති (මූල්‍ය) – රසික පුෂ්පකුමාර යන මහත්වරුන් ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment