ලෝක ජල දිනය අද

268

ලෝක ජල දිනය අද (22 වැනිදා) ට යෙදී ඇත.

මෙවර ජල දිනයේ තේමාව “සාමය සඳහා ජලය” යන්න වේ.

ලෝක ජල දින ජාතික උත්සවය අද පෙරවරු 8.00 ට රත්මලාන සිවාස් මධ්‍යස්ථානයේ ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

මෙම අවස්ථාවට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ. සී. එච්. නෆීල්, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යාධිකාරි රුවන් ලියනගේ මහතා ඇතුළු බොහෝ පිරිසක් එක්වීමට නියමිතය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment