අපි රිලවුන් ඉල්ලු‍වේ නෑ – චීන තානාපතිගේ ට්විටර් පණිවිඩය

166

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්‍ෂයක් ගෙන්වා ගැනීමක් පිළිබඳ ශ්‍රී ලංකාව චීන බලධාරීන්ගෙන් කිසිදු ඉල්ලීමක් කර නැතැයි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත.

වනජීවී ආරක්‍ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවත් චීනය, ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීමට සක්‍රීයව දායක වන බවත් එම පණිවුඩයේ සඳහන් කර තිබේ.

ඒ අනුව චීනයේ Chinese National Foresty and Grassland Administration ආයතනයෙන් මෙම රිලව් ගෙන්වා ගැනීමේ ඉල්ලීමක් මේ දක්වා කර නැතැයිද එහි දැක්වේ.

කෙසේ වෙතත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා චීනයට රිලව් ලක්‍ෂයක් යවන බවටත් චීන සමාගමක් එම ඉල්ලීම කළ බවත් වරින් වර ප්‍රකාශයට පත් කළේය.

ඉකුත් 11 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම්දී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment