තෙල් ආනයන වියදම පහළට

333

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි තෙල් ආනයන වියදම ඉකුත් වසරේ (2023) පළමු මාස අටේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක් දක්වා පහත වැටී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ මෙම කාලසීමාවේදී ගෝලීය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් 105 ක්ව පැවැති බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 86 දක්වා පහත වැටීම තෙල් ආනයන වියදම අඩුවීමට හේතුවී ඇති බවද මෙකී වාර්තා වේ සඳහන් වෙයි.

කෙසේ වුවද 2023 වසරේ අගෝස්තු මාසය අවසානය වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්දියානු ණය පහසුකම් යටතේ තෙල් ආනයනය කිරීම වෙනුවෙන් රජයට රුපියල් බිලියන 228.8 ක මුදලක් ගෙවීමට ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ අගෝස්තු මස අවසන් වන විට ජාතික ඉරාන තෙල් සමාගමට රුපියල් බිලියන 82.1 මුදලක් ගෙවීමට තිබූ බව ද මෙකී වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment