සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 6000ක් ‘පොසිටිව්’

156

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 6000 ක් පමණ දෙනා කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් 09දෙනකු ආසාදනයෙන් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදනයට ලක් වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර වෛද්‍යවරුන්, හෙදියන් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් වැඩි වශයෙන් සිටින බව වාර්තා වී තිබේ.

කොරෝනා වසංගතය හමුවේ කැප වී ක‍්‍රියා කරන ඉදිරිපෙළ කණ්ඩායමක් සේ සැලකෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සිය ජීවිත අවදානම ද නොතකමින් කොරෝනා ආසාදිතයන්ට සත්කාර කිරීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බොහෝදෙනකු ද කොරෝනා ආසාදනයට මේ වන විට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් කොරෝනා ආසාදනයට ගොදුරු වී මිය යන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නියමිත සේවා කාලය අවසන් වන තෙක් ඔවුන්ගේ මාසික වැටුප පවුල්වල සාමාජිකයන්ට අඛණ්ඩව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. දැනටමත් කොරෝනා ආසාදනයට ගොදුරු වී මිය යන පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට එසේ වැටුප අඛණ්ඩව ලබා දීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කටයුතු කරගෙන යන අතර එයට සමගාමීව ආසාදිතව මිය යන සෞඛ්‍ය සේවකයන්ට ද ඒ අයුරින්ම සාධාරණය ඉටු කරන ලෙස සංගමය ඇමැතිවරයා වෙත යවා ඇති ලිපියෙහි සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment