කච්චතීව් වඳින්න ඉන්දියානුවන්ට අවසර

148

කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මංගල්ලය සදහා ඉන්දීය බැතිමතුන්ටද සහභාගී වීමට රජයෙන් අවසර ලබා දී ඇති බව යාපනය දිසාපති මහේසන් කනපතිපිල්ලේ මහතා පැවසීය.

මීට පෙර පැවති සාකච්ඡාවකදී ඉන්දීය බැතිමතුන්ට වාර්ෂික මංගල්ලයට සහභාගී වීමට අවසර ලබා නොදෙන බවට ගත් තීරණය විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීම මත වෙනස් කිරීමට සිදුව ඇති බවද දිසාපතිවරයා කීය.

කෙසේ වෙතත් මාර්තු මස 11 හා 12 යන දිනවලදී කච්චතීව් වාර්ෂික මංගල්ලයට සහභාගී වන ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බැතිමතුන් කොරෝනා රෝගය සදහා වූ එන්නත් තුනම ලබා ගෙන ඇද්ද යන කාරණය කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමට තීරණය කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment