රජයේ ණය රු. ට්‍රිලියන 25 පනී

167

ගිය වසරේ (2022) ඔක්තෝබර් මාසය අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 25,000 සීමාව හෙවත් රු. ට්‍රිලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. එම වාර්තාවට අනුව 2022 ඔක්තෝබර් මාසය අවසන් වන මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 25,210.7 ක් දක්වා වැඩි වී ඇත.

මෙලෙස ශ්‍රී ලංකා මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. ටි්‍රලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වරටය. 2022 සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙම අගය රු. බිලියන 24,945.9 ක් විය.

මෙලෙස 2022 ඔක්තෝබර් මාසයේ දී මධ්‍යම රජයේ ණය ඉහළ යෑමට හේතු වී ඇත්තේ දේශීය ණය සැලකිය යුතු ලෙස ඉහළ යෑමයි.

2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී රු. බිලියන 13,345.6 ක් ලෙසින් සටහන් වූ මධ්‍යම රජයේ දේශීය ණය ප්‍රමාණය 2022 ඔක්තෝබර් මාසය වන විට රු. බිලියන 13,596.9 ක් දක්වා රු. බිලියන 251.3 කින් වැඩි වී ඇත.

මෙම මාසය තුළ දී මධ්‍යම රජයේ මුළු විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 11,600.3 සිට රු. බිලියන 11,613.8 ක් දක්වා රු. බිලියන 13.5 කින් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment