උසාවි නොපැමිණි විමල්ට වරෙන්තු

101

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (13 දා) වරෙන්තු නිකුත් කළේය.

2016 පෙබරවාරි මස 06 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය පළ කරමින් කිසිදු දැනුම්දීමකින් තොරව කොළඹ හැව්ලොක් මාර්ගය අවහිර කරමින් හා තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීම ඇතුළු චෝදනා යටතේ විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් නඩු පවරා තිබුණි.

එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සෙසු සැකකරුවන් පස්දෙනා වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විමල් වීරවංශ මහතා හෝ ඔහු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටීම නිසා අධිකරණය එලෙස වරෙන්තු නිකුත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment