වර්ජනය – සෞඛ්‍ය-තෙල්-වරාය විදුලිය-දුම්රිය ඇතුළු වෘත්තීය සමිති 40 ක් හෙට ස්ථිරයි

256

ප්‍රධාන ඉල්ලීම් 06 ක් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය, තෙල්, වරාය, විදුලි ඇතුළු වෘත්තීය සමිති 40 කට වැඩි ප්‍රමාණයක් හෙට (15දා) වැඩවර්ජනයක නිරත වේ.

මෙම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් හෙට සිට වර්ජනය අඛණ්ඩව සිදුකරනවාද යන්න හෙටම තීරණය කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා ‘දිවයින’ ට පැවැසීය.

ප්‍රධාන ඉල්ලීම් 06 අතර රුපියල් 20,000 දීමනාවක් ලබාගැනීම, බැංකු පොලී අනුපාත අඩුකිරීම, විදුලි බිල අඩුකිරීම, උපයනවිට බද්ද සංශෝධනය කරගැනීම, රාජ්‍ය මර්දනය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරගැනීම පවතින බවත් ඊට අමතර ඒ ඒ වෘත්තීන්ට අදාළව පැනනැගී ඇති ගැටලුවලට විසඳුම්ද මෙම වැඩවර්ජනය මගින් ඉල්ලා සිටින බව සූරියආරච්චි මහතා කීය.

වරාය, ඛනිජ තෙල් ඇතුළු ආයතන කිහිපයක සේවකයන් දින කීපයක සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතර එම ක්‍රියාමාර්ගයෙන් වරායේ කටයුතුවලට යම් බාධා පැමිණ තිබූ බවට වාර්තා විය.

වෛi සංගමය ඊයේ බස්නාහිර ඇතුළු පළාත් 04 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබූ අතර අද (14දා) වයඹ, උතුරු මැද, උතුරු, ඌව සහ සබරගමුව යන පළාත්වලද වන අතර දැනට (15දා) සියලුම රෝහල්වලද වැඩ වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිතිද අද (14දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. බැංකු සේවකයන් අසාධාරණ ලෙස වැටුපෙන් බදු අය කිරීමට එරෙහිව කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර තිබුණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment