ඖෂධවේදීන්ගේ වර්ජනයෙන් රෝගීහු අමාරුවේ

64

උපාධිධාරී ඖෂධවේදීන් බඳවා නොගෙන, ඖෂධ සංයෝජකවරුන් පුහුණුව සඳහා බඳවා ගැනීමේ තීරණයට විරෝධය පළකරමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ඊයේ (20 දා) උදේ 8.00 සිට දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝගවලට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත් වූහ.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21 දා) උදේ 8.00 ට තාවකාලිකව අවසන් කළ ද විධායක සභාව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය.

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කීය.

රජය අපේ හඬට ඇහුම්කන් දෙන්නේ තැන්නම් මීට වඩා දැඩි ක්‍රියාමාර්ගයකට යනවා. උපාධිධාරී ඖෂධවේදීන් 1000 ක් විතර එළියේ ඉන්නවා. ඒ අය ගන්නෙ නැතුව ඖෂධ සංයෝජකවරුන් පුහුණුව සඳහා ගන්න යනවා. මේක ඒ තරම් හොඳ ක්‍රියාවක් නෙවෙයි. උපාධිධාරීන්ට මොකද වෙන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment