පොහොට්ටු අලුත් ගමන මැයි

2631

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු ආරම්භ කිරීම, මැයි රැලිය පවත්වා ආරම්භ කිරීමට තීරණය වූ බව එහි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ‘දිවයින’ට පැවසීය.

එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සමග එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා සහ වෘත්තීය සමිති නායකයන් ඊයේ (20 දා) නෙළුම් මාවතේ පිහිටි එම පක්‍ෂ කාර්යාලයේදී හමුවී තිබේ.

එහිදී ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ පිළිබඳ කතා කරනවා වෙනුවට ඉදිරි මැයි දින රැලි මහා පරිමාණයෙන් පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

ඒ අනුව විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය පවත්වා ඉදිරි දේශපාලන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය ‘ගැම්ම’ ගැනීමට තීන්දු වූ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

කිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment