මැර ප්‍රහාරයෙන් සිරිගම්පල විහාරාධිපති හිමි රෝහලේ…

781

නාඳුනන දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ පහරදීලා

ලුණුවිල, සිරිගම්පල පොලිස් වසමට අයත් ශ්‍රී මහා මාලක දූව විහාරාධිපති පූජ්‍ය කුරුණෑගල ධම්මවිමල නාහිමියන් නාඳුනන යතුරුපැදිකරුවන් දෙදෙනකුගේ මැර ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබ දැනට මාරවිල රෝහලේ 3 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඊයේ (01 දා) උදෑසන මෙම පහරදීම සිදුව ඇතැයි සිරිගම්පල පොලිසිය කියයි. මේ සම්බන්ධව “දිවයින” කළ විමසීමකදී පූජ්‍ය කුරුණෑගල ධම්මවිමල හිමියෝ මෙසේ කීහ.

මැර ප්‍රහාරයෙන් සිරිගම්පල විහාරාධිපති හිමි  රෝහලේ...

“නාඳුනන පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් විහාරයට ආවා. ඔවුන්ගේ අතේ කෙටේරියක් හා මිටියක් තිබුණා. මාව මරන්න ආව බව මට පෙනීගියා.

ඔවුන්ගෙන් අයෙක් මට පැවසුවේ තොට දුම්මලදෙනියේ නායක හාමුදුරුවො මේ පන්සලින් යන්න කියල දන්වල තියෙද්දී තෝ තවම නොයා ඉන්නෙ ඇයි? අද ආවෙ තෝව මරල අරන් යන්න. මෙසේ කියමින් ඔවුන්ගෙන් අයෙක් මගේ දෙපාවලට, හිසට, පපුවට හා අතට හොඳහැටි පහර දුන්නා. මාව මරන්නමයි ගියේ. ඒත් මමත් ඔවුන් සමග එකට එක පොරබදා මගේ ජීවිතය බේරාගත්තා.

කිරිමැටියාන – ඇන්ටනි රෝස්

advertistmentadvertistment
advertistmentadvertistment