පියා සහ මාමා තමාට කළ අපචාර ගැන මව හමුවේ තොරතුරු දිගහරී – නරුම පියා සහ මාමාට ඇප නෑ

2077

රූපවාහිනියේ දුටු දෙයින් දැරිය කට අරී

දැනට වසර 7 කට පමණ පෙර දුවපැන ඇවිදිමින් 1 වසර පංතියේ ඉගෙනුම ලැබූ තම පියකරු එකම දියණිය, තම බිරිඳගේ වැඩිමහල් සොහොයුරු සමඟ එක්වී වසර ගණනාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන පියා සහ මාමා සැප්තැම්බර් 25 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩ බලන මහෙස්ත‍්‍රාත් පී‍්‍රමාල් අමරසිංහ මහතා 13දා නියෝග කළේය.

මෙහි පැමිණිල්ල මෙහෙයවූ සීදුව පොලිසියේ සැරයන් (51717) හරිස්චන්ද්‍ර මහතා විසින් ගොනුකළ පැමිණිල්ල අනුව මෙහි ප‍්‍රධාන සැකකරු වන දැරියගේ පියා, මේ වනවිට දරුවාගේ මවගෙන් වෙන්වී අනුරාධපුරයේ වෙනම ජීවිතයක් ගතකරයි. දැනට වසර 7 කට පමණ පෙර දැරිය පළමු වසර පංතියේ ඉගෙනුම ලබමින් සිටියදී සැකකාර පියා තම දියණිය ලිංගික අපචාර කි‍්‍රයා සඳහා දිගු කලක් භාවිත කර ඇත.

මේ පිළිබඳව තම මස්සිනා දැනගැනීමෙන් පසු (දැරියගේ මාමා) ඔහු ද තම සොහොයුරියගේ දියණියගෙන් පහත් කාමාශාවන් ඉටු කරගෙන ඇත.

දැනට දින ගණනාවකට ප‍්‍රථම වින්දිත දැරිය (දැන් අවුරුදු 13 කි) තම මව සමඟ ලිංගික අපචාර කි‍්‍රයාවන් පිළිබඳව දැනුවත් කරන රූපවාහිනී වැඩසටහනක් නරඹා ඇත. එය දුටු දියණිය අම්මේ ඕවත් වැඩද කියා තාත්තා සහ මාමා විසින් වසර ගණනාවකට පෙර තමා

ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත් එය සිදුවූ ආකාරය පිළිබඳවත් තම මවට පැහැදිලි කොට ඇත. දැරියගේ මව මෙම අපරාධය පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත. සීදුව පොලිසියේ සැරයන් (51717) හරිස්චන්ද්‍ර මහතා පැමිණිල්ල මෙහෙය වීය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් කරුණාතිලක මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය අගෝස්තු මස 25 වැනි දින පැවැත්වේ.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment