කුච්චවේලිහිදී යතුරුපැදියේ ගිය 2ක් වෙඩි වැදී රෝහලේ

146

ඊයේ (3 දා) අලුයම ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.

අලුයම එකයි පහළොවට පමණ වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 18 හා 22 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි. තුවාලකරුවන් දෙදෙනා කුච්චවේලි පොලිසිය මගින් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර සිටින අතර ඔවූහු ජයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

වෙඩි තැබූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කුච්චවේලි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ඩබ්. එම්. වික්‍රමසිංහ – කන්තලේ – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment