ඇමරිකා සයිබර් අවකාශ ජගත් වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් චාදිකා

75

ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශය කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) ට හිමි විය.

ඒ අනුව එම නියෝජිතායතනයේ ධාරිතා ප්‍රවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී චාදිකා යහම්පත් මෙනෙවිය වැඩසටහන සඳහා සහභාගි වූවාය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරන සුහුරුලිය වැඩසටහන මගින් මෙරට කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීමට දක්වන ලද දායකත්වය ශ්‍රී ලංකාවට මෙම නියෝජනය ලබා ගැනීමේදී ඉතා වැදගත් නිර්ණායකයක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment