තුවාල ලැබූ පාක්ෂිකයින්ගේ සුවදුක් බලන්න සජිත් රෝහලට යයි

81

සමගි ජන බලවේගය කොළඹ දී ඊයේ (30දා) පැවැත්වූ විරෝධතාව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පාක්ෂිකයන්ගේ සුවදුක් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ගියේය.

එහි දී විපක්ෂ නායකවරයා විසින් විරෝධතාව අතරතුර තුවාල ලැබූ මන්ත්‍රීවරුන් සේම පාක්ෂිකයන්ගේ සුවදුක් සොයා බලා කටයුතු කළේය. එම අවස්ථාවට සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සුජීව සේනසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

ඡායාරූප – නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment