කිරිපිටි මිල අඩු කරන්නේ නෑ

181

2024 අප්‍රේල් 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල අඩුවන බවට පළ වූ වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව කරුණාවෙන් සලකන ලෙස කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය කියා සිටී. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් තරමින් මේ බව කියා සිටියි. එහි මෙසේ සඳහන් කර ඇත.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ ජනතාවට සහන සැලසීම සඳහා වෙළෙඳ අමාත්‍යංශය විසින් සිදුකරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, සියලුම කිරිපිටි සන්නාමයන් විසින් 2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිලගණන් අඩු කරන ලදි. ඒ අනුව දැනට ග්‍රෑම් 400 ඇසුරුමක උපරිම සිල්ලර මිල රු. 1,050/- ක් ලෙස ස්ථාපිත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment