රෝහලේ පෝලිම පැන්න විනිසුරුගේ බිරිඳ සමඟ බහින්බස් වුණැයි රිමාන්ඩ් කළා

6967

කෝටියක් වන්දි ඉල්ලා තරුණ යුවළකගෙන් පෙත්සමක්

වෛද්‍යවරයකු හමුවීම සඳහා පෝලිමේ සිටියදී පෝලිම් පැන්න මහෙස්ත්‍රාත්වරයකුගේ බිරිඳ සමඟ බහින්බස් වූයේ යැයි චෝදනා කරමින් තමා සහ තම බිරිඳ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගත් රාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසගෙන් රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා තරුණ අඹු සැමි යුවළක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් සිය දරුවාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මුදල් ගෙවා රාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ගොස් වෛද්‍යවරයා හමුවීම සඳහා පෝලිමේ සිටියදී මහෙස්ත්‍රාත්වරයාගේ බිරිඳට පෝලිමේ නොසිට වෛද්‍යවරයා වෙත යෑමට සුවිශේෂී සැලකිල්ලක් දැක්වීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් චමින්ද කෞෂල්‍ය මහනායක සහ දිනූෂා රණතුංග යන එම යුවළ සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.

නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්, තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් දුන්නේ යැයි කියන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හා ඔහුගේ බිරිඳ, පෙර කී 4, 5 වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන් හා නීතිපතිවරයා ඇතුළු 16 දෙනකු නම්කර තිබිණි.

2023.05.20 වැනිදා එවකට මාස නවයක් වයසැති සිය දරුවාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රාගම ප්‍රදේශයේ පිහිටි එම රෝහලට ගිය බවත් සිය දරුවා දැඩි ලෙස ගිලන්ව සිටි බවත් පෙත්සම්කරුවන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment