ජනපති යළි දිවයිනට

135

කියුබාවේ සහ ඇමරිකාවේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24 දා) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා ඇතුළු සංචාරයට එක්වූ පිරිස ඊයේ පෙරවරු 8.30 ට පමණ මෙරටට පැමිණි බව වාර්තා විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 15 හා 16 දෙදින කියුබාවේ හවානා නුවර පැවැති ‘ජී – 77’ නායක සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව ඇමරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවට ද සහභාගි විය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment