නව ත්‍රස්ත විරෝධී පනතට හා මාර්ගගත ක්‍රම පිළිබඳ පනතට නීතිඥ සංගමයේ විරෝධය

101

ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී සහ මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත් මගින් සමාජයට බලපෑම් එල්ල විය හැකි බැවින් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

මෙම පනත් දෙක වහාම ඉවත්කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද එම සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා කියා සිටී. මෙම පනත් කෙටුම්පත් දෙක මානව නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ අධිපත්‍යයට දැඩි සේ බලපාන බැවින් එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම නොකළ යුතු බව ද එම සංගමය අවධාරණය කරයි.

මෙම පනත් දෙකේම අන්තර්ගතයන් නීතියක් බවට පත්වුවහොත් මේ රටේ මහජනතාවගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම යටපත් කිරීමකට ලක්වන බව ද ඒ නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ පනත් දෙකම නීතියක් බවට පත්කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස බලකිරීමට කටයුතු කරන බව ද නවරත්න මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment