ෆෝන් එකට ඇබ්බැහි වන දරුවන් විශාදයට ගොදුරු විය හැකිය

120

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ජංගම දුරකථනවලට ඇබ්බැහි වී සිටින දරුවන් විශාදය වැනි රෝගාබාධවලට ගොදුරු විය හැකි බවත්, මෙම තත්ත්වයෙන් ඔවුන් මුදා ගැනීමට දෙමාපියන් හා ගුරුවරුන් මැදිහත් විය යුතු බවත් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ ට ඊයේ (17 දා) පැවසීය.

මෙම ඇබ්බැහිවීම තුළ ඇතැම් දරුවන් තම ජීවිතය ගැන කලකිරීමට පත්ව දිවිනසා ගත හැකි බව ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ රූමි රූබන් මහතා මෙසේද කියා සිටියේය.

කොවිඩ් තත්ත්වයත් සමඟ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ආවා. ඒකෙන් වුණේ දරුවන් වෙන වෙන දේවල්වලට ඇබ්බැහි වීම. හුඟක් දරුවෝ මේ වෙනකොට වීඩියෝ ගේම්වලට ඇබ්බැහිවෙලා. තවත් දරුවෝ ලිංගික වීඩියෝ නරඹන්න පෙළඹිලා තිබෙනවා. දරුවෝ දිනපතා පැය 4 ක් 5 ක් ජංගම දුරකථනය භාවිතා කරමින් අන්තර්ජාලයේ සැරිසරනවා.

මේ විදිහට අන්තර්ජාලයේ දරුවන් වැඩි වෙලාවක් ගතකිරීම නිසා ඔවුන්ට අධ්‍යාපනය එපා වෙනවා. තමන්ගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන එක එපා වෙනවා. තරහා යනවා. හැමෝමත් එක්ක රණ්ඩු කරන්න හිතෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment