ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට

209

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජේ. ශ්‍රී රංගා මහතාව කොහුවල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ආරක්‍ෂාව මැද ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබයි.

වව්නියාවේදී 2011 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් මත වව්නියාව අධිකරණයේ නියෝගයකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

හේමන්ත රන්දුනු

advertistmentadvertistment
advertistmentadvertistment