දූෂණ විරෝධී ගමන ශක්තිමත් කිරීමට වෛද්‍ය චමල් සංජීව සජබට එක්වීම සතුටක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

79

ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව ප්‍රාදේශීය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශාල මෙහෙයක් ඉටු කරමින් දූෂණ විරෝධී ගමනේ පුරෝගාමිකයකු ලෙස කටයුතු කිරීම නිසා සිය රැකියාව අහිමි වූ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජනබලවේගයට එක්වීම සතුටට කරුණක් බවත් රජයේ සේවකයකු වූ චමල් සංජීව මහතාට සිය රැකියාව අහිමි වූයේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදු වූ දූෂණ වංචා අනාවරණය කිරීම නිසා වුවත් ඉන් නොසැලී ඒ මහතා දූෂණ විරෝධී ගමන ශක්තිමත් කිරීමට සමගි ජනබලවේගය හා එක්වීම සතුටට කරුණක් බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ දූෂණ විරෝධී බළකාය හරහා රාජපක්‍ෂවරුන් ඇතුළු රට බංකොලොත් කිරීමට හේතු වූ පුද්ගලයන් කවුරුන්ද කියා අනාවරණය කර ගැනීමට හැකි වූ බවත්, මේ තුළින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදුවූ දූෂණ වංචාවලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට හැකි වූ බවත් එය තුළින් නව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජනබලවේගය කටයුතු කරන්නේ මෙරට දූෂණ වංචා තුරන් කිරීමට බවත්, ඒ ගමනේ පුරෝගාමී නායකයකු ලෙස විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා කටයුතු කරන බවත් ඔහුට ක්‍ෂේත්‍රයේ උපරිම සුදුසුකම් පවතින බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය. එසේම මේ දූෂණ විරෝධී බලවේගය හරහා රටින් සොරකම් කරන ලද මුදල් හා සම්පත් නැවත රටට ලබාගැනීමට කටයුතු කරන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් 6 දා පැවසීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජනබලවේගයට එක්ව දූෂණ විරෝධී බලවේගය හා සම්බන්ධ වූ අවස්ථාවේදී ය.

මේ අවස්ථාවේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජිව මහතා සමගි ජනබලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධී බලවේගයේ උප සභාපතිවරයා ලෙස සහ සමගි ජනබලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයට ද පත්කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment