හයිටිය අවි ගත් කල්ලි අතේ: ජාතික පොලිස් බළකායේ හිටපු නිලධාරියා දැන් පාතාල නායකයෙක්

104

අරාජිකත්වයට පත්ව ඇති හයිටි රාජ්‍යය දැන් අවිගත් කල්ලි අතට පත්ව තිබේ. මේ සිටින්නේ එම කල්ලිවල බලවත්ම නායකයා වන ජිමි චෙරිසියර් නමැත්තාය. ඔහු හඳුවන්නේ ‘බාබිකිව්’ යන නාමයෙනි. නව රජයක් පත් කර ගැනීමට උත්සාහ කරන ‘ලේ වැකි විප්ලවයක්’ සිදු කරන බව හෙතෙම කියයි.

47 හැවිරිදි හයිටි ජාතික පොලිස් බළකායේ හිටපු පොලිස් නිලධාරියා දැන් පෝට්-ඕ-ප්‍රින්ස් හි බොහෝ මුඩුක්කු සහ වීදි පාලනය කරන මිත්‍ර පාතාල කල්ලි සන්ධානයකට නායකත්වය දෙයි. එරට පවතින අස්ථාවරත්වය නිසා බොහෝ රටවල් සිය තානාපති නිලධාරින් පවා ඉවත් කරගෙන තිබේ.

බාබිකිව්ගේ කණ්ඩායම් බන්ධාගාරවලට පහරදී රැඳවියන් 3,600 කට පැන යෑමට ද ඉඩ දී ඇති අතර එරට අගමැති ඒරියල් හෙන්රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment