පැන්ෂන් යන්න ඉන්න බන්ධනාගාර ලොක්කෝ පුටු බදා ගනිති

412

වයස අවුරුදු හැට සම්පූර්ණව මෙම වසර (2023) අවසානය වන විට විශ්‍රාම යෑමට නියමිත උසස් බන්ධනාගාර නිලධාරීන් දෙතුන් දෙනකු තවත් වසරක සේවා දිගුවක් ලබා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් වසරේ වයස අවුරුදු හැට සම්පූර්ණ වී විශ්‍රාම යෑමට නියමිතව සිටි උසස් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට බන්ධනාගාර ඉතිහාසය වෙනස් කරමින් සේවා දිගුවක් ලැබීම ප්‍රයෝජනයට ගනිමින් ඉහත උසස් බන්ධනාගාර නිලධාරීහු දෙතුන් දෙනා මෙම උත්සාහයේ නිරතව සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්ධනාගාර අධිකාරිවරයකු සඳහන් කරනු ලැබුවේ එකී නිලධාරීන්ට එලෙස සේවා දිගුවක් ලබා දුනහොත් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරුන් කිහිපදෙනකුටම ඊළඟ උසස්වීම අහිමිව විශ්‍රාම යෑමට සිදුවන බවකි.

මීළඟ උසස් වීම ලෙසින් බන්ධනාගාර කොමසාරිස් ධුරයට පත්වීමට ඇති අවස්ථාව එකී ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරුන්ට අහිමි වීම දැඩි අසාධාරණයක් බව ද කී හෙතෙම ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටුකර දෙමින් විනිවිදභායෙන් යුතුව කටයුතු කිරීම රාජ්‍ය සේවා කොමිසමේ වගකීමක් බව ද පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment