ආදිවාසීහු පොරවත් අරන් නිදහස් උත්සවයට

97

පෙබරවාරි මස 04 වැනිදා පැවැත්වෙන 75 වැනි නිදහස් උත්සවයේදී ආදිවාසීන්ගේ සංස්කෘතිය රැකගැනීම සඳහා පොරොවත් රැගෙන නිදහස් උත්සවයෙට සහභාගි වෙන බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් “දිවයින ඉරිදා සංග්‍රය”ට පැවසීය.

මෙවර නිදහස් උත්සවයට සහභාගිවෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආදිවාසි නායක වන්නිල ඇත්තන්ට මෙන්ම සෙසු පළාත් නියෝජනය කරන ආදිවාසි නායකයන්ට ඇරයුම්කර ඇත.

මෙම ඇරයුම තමා පිළිගත් බව ද ආදිවාසි නායක වන්නිල ඇත්තන් පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment