සිරි රණසිංහ ඇගැයුම් උළෙල අද පදනම් ආයතනයේදී

42

ශ්‍රී ලාංකේය පත්‍ර කලා ඉතිහාසයේ තිස්තුන් වසරක් අඛණ්ඩව කර්තෘත්වය හෙබවූ ලංකාදීප කර්තෘ සිරි රණසිංහ ඇගැයුම් උළෙල විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20 වැනිදා) පස්වරු 4.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමි ද විශ්‍රාමලත් විදුහල්පති දෙයියන්දර අමර ගුණසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, රජරට විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර මහත්වරු ද මෙහිදී කෙටි දෙසුම් පවත්වති.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින් ‘සිරි ආසිරි’ ඇගයුම් උළෙල මෙහෙවනු ලබයි.

ලංකාදීප කර්තෘ අධ්‍යක්‍ෂ සිරි රණසිංහ මහතාගේ උපන් දිනය ද අදට යෙදී තිබේ.

රංගික ජීවන්ත ප්‍රමුඛ රිවේගා රංගායතනය ‘රංගලීලා’ ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment