පැතිකුදය සුව කරන ආයුර්වේද ප්‍රතිකාර

417

පැතිකුදය (Scoliosis) යනු කොඳු ඇට පෙළහි ඇතිවන විකෘතිතාවයකි. එනම් කොඳු ඇට පෙළහි වක්‍ර බවක් ඇති වීමය.

මේ සඳහා සිදුකරන රෝග විනිශ්චයකදී කොඳු ඇට පෙළහි මතුව ඇති වක්‍ර බව අංශක 10 ට වැඩි නම් එය රෝගයේ මූලික අවස්ථාව ලෙස සලකනු ලබයි. වක්‍රතාවය අංශ 25 ත් 30 ත් අතර පවතී නම් එය අවදානම් මට්ටමකි. වක්‍රය අංශක 45 ත් 60 ත් අතර පවතී නම් බරපතළ තත්ත්වයකි.

● බලපාන හේතු

පැතිකුදය සඳහා බලපාන හේතු රැසක් ඇත. මව් කුස තුළදී කලලය වර්ධනය වන අවධියේදී ඇති වී උපතින් පසු එය තවදුරටත් වර්ධනය වීම සංජානනීය හේතුවක් ලෙස හඳුන්වයි. ස්නායු සහ මාංශ පේශී දුබලතා නිසා කුඩා කාලයේදී උරහිස ප්‍රදේශයේ අග සිදු කළ ශල්‍ය කර්මයකින් පසු, කොඳුඇට පෙළහි සිදු කළ ශල්‍යකර්මයකින් පසු, වැරදි ඉරියව් මත නිතර තම කටයුතුවල යෙදීම නිසා, වැරදි අයුරින් ව්‍යායාමවල යෙදීම නිසා, මාංශ පේශි දුර්වලතා සහිත දරුවන් අධික බරක් සහිත බෑග කොඳු ඇට පෙළට බරදී ඔසවාගෙන යෑම නිසා සහ හේතුවක් කිව නොහැකි හඳුනානොගත් අයුරින් මතුවන ආදී ලෙසින් විවිධ හේතු මත පැතිකුදය මතු වේ.

● හඳුනාගැනීම

පැතිකුදයේදී කොඳුඇට පෙළ වක්‍රවීමට අමතරව උරහිස් එක් මට්ටමක පැවතීමක් ඇති නොවේ. උකුල ප්‍රදේශය ද එක් පැත්තකට ඇදීයෑමක් දැකිය හැකිය. පෙනහලු ක්‍රියාකාරීත්වයට අවහිරතා මතුවීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ. කොඳු ඇට පෙළහි නිතර වේදනාවක් හටගනී. ඒ නිසා වයස අවුරුදු 10 ට අඩු දරුවකුගේ කොඳු ඇට පෙළහි වක්‍ර වීම අංශක 10 ට වඩා වැඩි නම් හෝ වයස අවුරුදු 10 ට වැඩි අයකුගේ කොඳු ඇට පෙළ අංශක 20 ට වඩා වක්‍රව පවතී නම් සහ අසාමාන්‍ය ලක්ෂණ ඇත්නම්, කොන්දේ වේදනාවක් පවතී නම් වෛද්‍ය පරීක්ෂාවකට යොමුව රෝග තත්ත්වය හඳුනාගත යුතුය. එහිදී එක්ස්කිරණ පරීක්ෂාවන් මගින් රෝග තත්ත්වය නිවැරදිව හඳුනාගත හැකිය.

● ප්‍රතිකාර

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ සඳහා ප්‍රතිකාර රැසක් පවතී. රෝගියාගේ වයස අනුව පවතින රෝග මට්ටම සහ මතුව ඇති සංකූලතා අනුව ඒ සඳහා උසස් මට්ටමේ ඖෂධ ප්‍රතිකාර ඇත. පත්තු වර්ග උපයෝගී කරගෙන රෝගය නිසා මතුව ඇති පේශී සංකෝචනය ඉහිල්කරන ප්‍රතිකාර තිබේ. මතුව ඇති රෝග තත්ත්වය අනුව පංච කර්ම ප්‍රතිකාර භාවිත කරනු ලබයි. එසේම මේ සඳහා සිදුකරන භෞත විකිත්සක ප්‍රතිකාර ක්‍රම ඇත. කොඳු ඇට පෙළහි අස්ථිවල වෙනස්වීම යළි යථාතත්ත්වයට පත්කරන ඖෂධීය ප්‍රතිකාර ඇත. එසේම කොඳු ඇට පෙළහි මතුව ඇති විකෘතිතාවය සුවපත් කිරීම සඳහා භාවිත කරන විශේෂ ඇඳුමක් සහිත ප්‍රතිකාර ක්‍රමද පවතී. මෙලෙස ප්‍රතිකාර කිරීම මගින් මතුව ඇති විකෘතිතා සුවපත් කර යළි සාමාන්‍ය අයුරින් දිවිපෙවතක් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගත හැකිය.

ඒ නිසා පැතිකුදය තත්ත්වයකදී ඒ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් සැත්කම්වලින් තොරව රෝගය සුවපත් කරන ආයුර්වේද ප්‍රතිකර්ම මගින් රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0714473560 ඇමතිය හැකිය.

පැතිකුදය සුව කරන ආයුර්වේද ප්‍රතිකාර

රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි (නේවාසික)
වෛද්‍ය ඊ. වී. පරාක්‍රම හේමචන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment