සම්පත් බැංකුව ශ්‍රී ලාංකේය ළමා පරපුරේ නිර්මාණ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ‘සිත්තර සම්පත්’ දියත් කරයි

44

සම්පත් බැංකුව විසින් මෙරට ළමා චිත්‍ර ශිල්පීන්ගේ හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හා ලෝක ළමා දිනයට සමගාමීව පසුගියදා සුවිශේෂී චිත්‍ර තරඟාවලියක් සංවිධානය කරන ලදී.

‘හෙට දින හැඩ කරන සිත්තර සම්පත්’ යනුවෙන් නම් කර තිබූ එම චිත්‍ර තරඟාවලිය සැප්තැම්බර් 23 වන දින සිට 30 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.

සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් පැවති එම තරඟාවලිය සඳහා වයස් කාණ්ඩ 2ක් යටතේ ළමා චිත්‍ර ශිල්පීන් රැසක් එක්ව සිටි අතර ඔවුන්ගේ චිත්‍ර අතුරින් ජයග්‍රහණය කළ නිර්මාණ ශිල්පීන් දිනපතා තෝරා ගනිමින් ත්‍යාග ප්‍රදානය කිරීමද විශේෂත්වයකි. එමෙන්ම එම පරිශ්‍රයේ ඉදි කළ ‘සිත්තර පවුර’ තුළින් පසුගිය වසරේ ළමා නිර්මාණ ශිල්පීන් විසින් එදිනෙදා සිතුවම් කරන ලද චිත්‍ර රස විඳීමේ අවස්ථාවද සම්පත් බැංකුව විසින් උදා කර දෙනු ලැබීය.

ශ්‍රී ලාංකේය දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම හා ඉතුරුම් සඳහා දරුවන් හුරු කිරීම වෙනුවෙන් සම්පත් බැංකුවේ පියවරක් වන මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- අලෙවිකරණ හා පාරිභෝගික සබඳතා තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “වගකීම් සහගත පුද්ගලික බැංකුවක් ලෙස සම්පත් බැංකුව නිරන්තරයෙන් දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ‘ගසයි මමයි – පුබුදු පොතයි වැනි පාසල් දරුවන් පරිසරය සමඟ සම්බන්ධ කරගනිමින් සිදු කරන ව්‍යාපෘති තුළින් එය ක්‍රියාවට නැංවීමට සම්පත් බැංකුව කටයුතු කර තිබෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හා ලෝක ළමා දිනයට සමගාමීව සංවිධානය කළ හෙට දින හැඩකරන සිත්තර සම්පත් චිත්‍ර තරඟාවලිය තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඉහළ නැංවීම හා ඒවා ඇගයීමට අමතරව දරුවන් ඉතිරි කිරීම සඳහා උනන්දු කිරීමටත් අපි බලාපොරොත්තු වනවා. එය ඔවුන්ගේ අනාගතය සවිමත් කරන හොඳම ආයෝජනය බව සම්පත් බැංකුවේ විශ්වාසයයි.” යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment