හැකර්වරු තායිවාන රජයේ  වෙබ් අඩවි හැක් කරති

162

ඇමෙරිකා එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර වශයෙන්, චීන හැකර්වරු තායිවානයේ පළාත් පාලන ආයතන කිහිපයක වෙබ් අඩවිවලට චීනයේ ධජය ඇතුළත් කර ඇත.

 තායිවානය වටකරමින් චීනයේ යුද අභ්‍යාස සිදුවෙමින් තිබියදී, චීන හැකර්වරු මෙලෙස වා පැය 10 කට වැඩි කාලයක් චීන කොඩි පින්තූරයකින් Kaohsiung නැමැති රජයේ වෙබ් අඩවියක් ආවරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අගෝස්තු 2, 4 සහ 5 යන දිනවල පැය කිහිපයකට බිඳ වැටුණු බව ද තායිවාන රජය පිළිගෙන තිබේ.

 චීන සහ රුසියානු ලිපින ගණනාවකින් මිනිත්තුවකට මිලියන 17ක් දක්වා ප්‍රවේශ වීමේ උත්සාහයන් සමඟින්, සේවාදායකයන් බිඳ දැමීමට උත්සාහයක් ගෙන ඇති බව තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලි කළ බව තායිවාන පුවත් වාර්තා කර තිබුණි.

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment