ඉන්දියාව ටැන්සානියාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත්වෙයි

702


ඉන්දියාව ටැන්සානියාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත්ව ඇතැයි වාර්තාවේ. චීනයේ බලපෑම් නොතකා ටැන්සානියාව ඉන්දියාව සමග නව වෙළෙඳ ගිවිසුම් සඳහා එකගවීම මත මෙය සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පසුගියදා ටැන්සානියාවේ කළ සංචාරයේ දී මෙම නව ගිවිසුම් වලට එකගතාවය පළ කර ඇත.එහිදී විදේශ ඇමැතිවරයා ටැන්සානියානු ජනාධිපති සාමිලා සුළුහු හසන් මහත්මිය සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත. ඉන්දියාවට උපායමාර්ගිකව වැදගත් වන අප්‍රිකාවේ නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති ටැන්සානියාව නිදහසේ සිට ඉන්දියාව සමඟ දිගු කලක පටන් සබඳතාවක් පවත්වා ඇත.රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වන්නේ උපාය මාර්ගික සහයෝගීතාවය සහ ආර්ථික සබඳතා පුළුල් කිරීම මගිනි. පසුගිය වසරේදී අදානි පෝර්ට් සමාගම සහ අබුඩාබි පෝර්ට් සමාගම ටැන්සානියාවේ වරයා යටිතල පහසුකම් සඳහා වන ආයෝජන හරහා සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට එකග විය.ඉන්දියාව සහ ටැන්සානියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2022-සහ 23 වසර වලදී ඩොලර් බිලියන 6.4 දක්වා සියයට 40 කින් වැඩි විය. මෙය ඉන්දියාවෙන් පිරිපහදු කළ පෙට්‍රෝලියම් අපනයන , ඖෂධ සහ සංචාරකයින් හරහා ලැබී ඇත.ටැන්සානියාව තීරුබදු රහිත තීරුබදු යෝජනා ක්‍රමය ප්‍රශස්ත ලෙස භාවිතා කර ඇති අතර කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ඉන්දියානු ආයෝජන ආකර්ෂණය කර ගත් රටවල් අතර වේ. කජු, කුළුබඩු සහ ඇට වර්ග ඉන්දියාවට ටැන්සානියානු අපනයනය වැඩි කර ඇත. මීට පෙර එය ප්‍රධාන වශයෙන් රත්රන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment