ගුරුවරියකට පහරදී රන් ආභරණ සහ මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

254

ගුරුවරියකට පහරදී රුපියල් විසි ලක්ෂ තිස් දහසක් පමණි වටිනා රන් ආභරණ සහ රුපියල් 36000 ක් මුදල් කොල්ල කන ලද යුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයන් දෙදෙනකු සමග කොල්ලකන ලද රන් ආභරණ සමග අත්අඩංගුවට ගැනීමට බකමූණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්විය.

පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ගල්ලෑව දියසෙන්පුර කිරිමැටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව බකමූණ පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදනා බකමූණ විදුහලේ සේවය කරන ගල්මුල්ල විදුහලේ නිල නිවසක පදිංචිව සිටින ගුරුවරියගේ නිවසට ගොස් මිදුලේ ජල කරාමය ඇර ජල කරාමය වැසීමට ගුරුවරිය නිවසින් එළියට පැමිණි අවස්ථාවේ කොල්ලකරුවන් දෙදෙනා ගුරුවරියගේ පහරදී ඇය සතු මුදල් රුපියල් තිස්හයදාහක් රුපියල් ලක්ෂ 16 පමණ වටිනා රත්තරං වළලු දෙකක් පෙන්ඩන් 1 පවුම් දහයක් පමණ බරති රන් දම්වැළක් ලක්ෂ 4 ක් පමණ වටිනා යතුරුපැදිය සහ දුරකථන දෙකක් රැගෙන පලාගොස් තිබුණි.

සැකකරුවන් විසින් පැහැර ගෙන ගිය යතුරුපැදිය හා දුරකථන දෙක අත්තනකඩවල ප්‍රදේශයේ කෙසෙල් ගොවිපළක් අසල දමා ගොස් තිබියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම කොල්ලකරුවන් පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන අවස්ථාවේ පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා බකමූණ පොලිසිය විසින් අතරගල්ලෑව සහ මැදිරිගිරිය කිරිමැටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ගේ නිවස්වල තිබූ ලීයෙන් සාදන ලද ටී 56 ගිනි අවියක් ලෙස සකස් කරන ලද ගිනි අවියක්, යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් කීපයක්, කොල්ලකන ලද රන් දම්වැල අත්අඩංගුවට ගෙන ඇති බවත් වළලු දෙක සහ පෙන්ඩන් 1 හිඟුරක්ගොඩ නගරයේ බැංකුවකට උකස් කර ඇති බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවසීය.

රන් වළලු දෙක රුපියල් එක්ලක්ෂ හැට පන්දහසකටද පෙන්ඩන් 1 රුපියල් 135,000 උකස් කර ඇති බව ද පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇත.

ඇලහැර ගඟේ යාය බකමූණ දමනයාය විදුහල් දෙක කඩා ඇති බවත් මෙම සොරකම්වලට ද මෙම සැකකරුවන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය කියයි.

සූදු කෙලීමට ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයන් කොල්ලකන ලද මුදල් සහ රන් ආභරණ උකසට තබා ගත් මුදල්වලට ද සූදු කෙළ ඇති බව අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් නිලධාරීන්ට පවසා තිබේ.

උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී ධමින්ද නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහකාර පොලිස් අධිකාරි ප්‍රගති ලක්මිණ යන මහතුන්ගේ උපදෙස් පරිදි බකමූණ පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලකඳුර, පොලිස් පරීක්ෂක චතුරංග ඒකනායක, උප පොලිස් පරීක්ෂක බී. එස්. එම්. සෙනෙවිරත්න, පොලිස් සැරයන් 39393 රණසිංහ 50910 චන්දන 62192 හේරත් බකමූණ කොට්ඨාශ බුද්ධි අංශය මැදිරිගිරිය කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඊයේ උදේ හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සොරකම්වලට අවශ්‍ය බවද පොලිසිය කියයි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ලීයේන් සාදන ලද ටී 56 ගිනි අවිය.
ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment