වයස අවුරුදු 60 දක්වා මොළයේ තියුණු බව රැකේ – ජර්මන් අධ්‍යයනයක් හෙළි කරයි

738

වයස අවුරුදු විසි සහ තිස්  ගණන්වල සිට මානසික තීව‍්‍රතාව අඩු වේ ය, යන ජනප‍්‍රිය උපකල්පනවලට පටහැනිව, මැදි වයස දක්වා මොළයේ තියුණු භාවය පවතින බව අධ්‍යයනයක් විසින් යෝජනා කර තිබේ. වයස අවුරුදු 10 – 80 ත් අතර පුද්ගලයන් මිලියන 1.2 ක් අධ්‍යයනය කිරීමෙන්, වයස අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයන්ගේ මනසේ වේගය සාපේක්ෂව ස්ථායීව පවතින බව සොයා ගන්නා ලදී. නමුත් මෙය වෙනස් වීමේ අවදානම වයස්ගතවීමත් සමඟ වර්ධනය වී තිබුණි. ජර්මනියේ හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින්, මිනිසුන් තීරණ ගැනීම සඳහා ගතකරන වේලාව ගණනය කර බැලීමට අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කළ ක‍්‍රියාකාරකම් මාලාවක් භාවිත කර තිබුණි.

 ඔවුන් තමන් කළ සොයාගැනීම් භ්එමරු ්‍යමප්බ ඊැය්ඩසදමර හි පළ කළහ. විද්‍යාඥයන් සහභාගිවන්නන්හට, පින්තූර මාලාවක් පෙන්වූ අතර ඒවා කාණ්ඩ දෙකකට, හොඳ හෝ නරක ලෙස විවිධ බොත්තම් එබීමෙන් වර්ග කරන ලෙස ඉල්ලා තිබුණි. ඔවුන් පවසන්නේ මෙම කාර්යට අපි තීරණයක් ගැනීමට ගන්නා කාලය දළ වශයෙන් ගෙන, එය දත්ත විශ්ලේෂණය කිරීමේ වේගය ලෙස අර්ථ දක්වා තිබෙන මනසේ වේගය ඇතුළු විවිධ ක‍්‍රියාවලි ඇතුළත් වන බවයි. තීරණය ගැනීමට පෙර සලකා බැලීම සහ තීරණයට එළඹීමට පෙර තොරතුරු සලකා බැලීමට ගතවන කාලය සහ අදාළ බොත්තම එබීමට ගත කළ කාලය සලකා බලා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment